කලා

රංගනවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

(UTV | කොළඹ) – ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා ඊයේ පස්වරුවේ හදිසි අභාවප්‍රාප්ත විය.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මියගොස් සිට ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේය.

ජයලාල් රෝහණ මහතාගේ දේහය ගණේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතයි.

හෘදයාබාධයක් හේතුවෙන් ජයලාල් රෝහණ මහතා මිය යනවිට 56 වැනි වියේ පසුවිය.

1964 වසරේ නොවැම්බර් මස 01 වනදා උපත ලැබූ ජයලාල් රෝහණ මහතා කලා කේෂ්ත්‍රයට පිවිසෙන්නේ 1976 වසරේ දී.

රංගන ශිල්පියෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන් විදුලි පිටපත් රචකයෙකු, ගුරුවරයකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙසින්ද ජයලාල් රෝහණයන් දක්ෂතා ප්‍රකට කළේය.

වසර ගණනාවක් මෙරට වේදිකා, ටෙලි නාට්‍යය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ ජයලාල් රෝහණ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු ද වෙයි.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුවෙකු වූ ඒ මහතා පේරාදෙණිය සහ කැලණිය සරසවියේ උපාධිධාරියෙකු ද වෙයි.

 

Related posts

ප්‍රීති සින්ටාගේ තක්කාලි වගාව

Mohamed Dilsad

‘ඇතුළාන්ත පියාපත්’ ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය එළි දැක්වේ

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

Leave a Comment