දේශීය

පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතනවල සේවකයන්ට මාසික දීමනාවක්

(UTV | කොළඹ) – වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3330 දෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භකර තිබේ.

මෙම දීමනාව ලබාදීම සංඛේතවත් කරමින් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එහි සේවකයන් කිහිපදෙනකු වෙත චෙක්පත් ප්‍රධානය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටින තාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

පසුගිය වසරේ ජූලි 15 දින ගත් අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම මාසික දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 95 ක් මහා භාණ්ඩාගාරයෙන් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවට නිදහස් කර ඇති අති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ආනයනික ජල පිරිපහදු කාරක තොගයක ක්‍රෝමියම් මට්ටම ඉක්මවයි : බද්දේගම, අඹතලේ, රත්මලාන, ලබුගම ඇතුළු ජල පවිත්‍රාගාරවල ක්‍රෝමියම් මට්ටම මෙන්න

Editor O

Leave a Comment