දේශීය

ගම සමඟ පිලිසඳර ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 5 ක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05 ක් ස්ථාපිත කර ඇත.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික මට්ටමින් විසඳිය යුතු සංවර්ධන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම අදාළ අනුකමිටුවල වගකීම බවයි.

අදාළ ජාතික සංවර්ධන කමිටුව කෘෂිකාර්මික, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන වශයෙන් 5 කට අයත්.

ඒ අනුව කෘෂිකාර්මික අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු ද, රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු ද කටයුතු කරනවා.

ජීවනෝපාය අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු කටයුතු කරන බවයි ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ.

යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 11 දෙනෙකු කටයුතු කරන අතර, සමාජ යටිතල පහසුකම් අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු කටයුතු කරනවා.

මීට අමතරව, මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටුව යටතේ කැබිනට් අමාත්‍යවරුන් 8 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු පත්කර ඇත.

 

Related posts

විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

Mohamed Dilsad

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමට තීරණය කරයි.

Editor O

Leave a Comment