විදෙස්

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

(UTV |මියන්මාරය) – මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජය පෙරලා දමා බලය පැහැරගත් එරට හමුදා නායකයින් හෙලා දැකීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මගින් ජිනීවා නුවරදී ඊයේ සම්මත කරගනු ලැබීය.

එමඟින් මියන්මාරයේ සිවිල් පාලනය යළි ස්ථාපිත කරන ලෙසත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු දේශපාලනඥයින් නිදහස් කරන ලෙසත්, හමුදා රජයට බල කරනු ලබයි.

මෙම යෝජනාව ජිනීවා නුවරදී ඊයේ සම්මත කරගනු ලැබුවේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් 47 එක්රැස් වී පැවැත් වූ විශේෂ සැසියකදීයි.

 

Related posts

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් 2 ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනාවෙන් දැඩි බලපෑම් එල්ල වූ ස්පාඤ්ඤය හෙට සිට ඇඳිරි නීතිය ඉවත් කරයි

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

Mohamed Dilsad

Leave a Comment