දේශීය

2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද

(UTV | කොළඹ) – 2021 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම හා සිසුන්ට නිල ඇඳුම් බෙදා දීමේ නිල උත්සවය අද (15) පැවැත්වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ අටබාගේ විමලධර්ම ජාතික පාසලේදීයි.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය සඳහන් කළේ, පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන්ට මෙහිදි සංකේතාත්මකව නිල ඇඳුම් ප්‍රදානය කරන බවය.

මීට සමගාමීව උසස් පෙළ පන්ති සඳහා ටැබ් පරිගණක බෙදා දීම ද අද ආරම්භ කරන බව ඇය පැවසුවාය.

 

Related posts

හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියක් අත්අඩංගුවට ගැනීමට සොයයි ; සැකකාරිය ප්‍රදේශයෙන් පළා ගිහින්

Editor O

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතිය

Mohamed Dilsad

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment