විදෙස්

ඉබෝලා වෛරසය යළි හිස ඔසවන ලකුණු

(UTV | බටහිර අප්‍රිකාව) – බටහිර අප්‍රිකාවේ වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවිකාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය සඳහන් කළේ ඉබෝලා වෛරසය නැවතත් රට තුළ ව්‍යාප්ත වී ඇති බවයි.

ඉබෝලා වෛරසය ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රොගීන් 08 දෙනෙකු ද නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මීට වසර 05 කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසයෙන් පුද්ගලයින් 11,000 ක් පමණ මියගොස් තිබුණි.

යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන්කර තිබේ.

 

Related posts

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහා ඉවත් වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්

Mohamed Dilsad

Leave a Comment