දේශීය

පාසැල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

(UTV| කොළඹ) – කොවිඩ් 19 මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

ඒ අනුව පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට ඇත.

ඒ අනුව දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද,ඉදිරියේ සැලසුම්කර ඇති උත්සව ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.

 

 

Related posts

කැලණි සරසවි කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

Mohamed Dilsad

අධිවේගී මාර්ගත් වසා දැමේ

Mohamed Dilsad

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment