විදෙස්

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

(UTV| ඇමරිකාව) – ඇමරිකාවට බලපෑ දරුණු හිම කුණාටු තත්ත්වයක් හේතුවෙන් ටෙක්සාස්, මිසිසිපි, කෙන්ටකි, ඇලබාමා, ඔරිගන් සහ ඔක්ලොහෝමා යන ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම හිම කුණාටු තත්ත්වය හේතුවෙන් මිලියන 04 ක ජනතාවකට විදුලිය ඇණ හිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම හිම කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් එරට කාලගුණ අංශ මිලියන 150 ක ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇත.

හිම කුණාටු තත්ත්වයත් සමඟ ටෙක්සාස් හි අනතුරු 120ක් සිදුව ඇති අතර, ඉන් මියගිය ගණන 13 ක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

තායි ළමුන් සිරවී සිටින ගුහාවේ ජලය පිටතට

Mohamed Dilsad

බෙලරූස් ජනරජයට රුසියානු හමුදා යැවීමට සූදානමක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

Editor O

Leave a Comment