විදෙස්

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම්

(UTV | මියන්මාරය) – මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන්ට වසර 20 ක සිර දඬුවම් නියම කරන බවට එරට හමුදා පාලනය අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත මියන්මාර වැසියන් හමුදා පාලනයට එරෙහිව වීථි බැස විරෝධතාවලට නිරතවන්නේ මේ වනවිට රඳවා සිටින ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුඛී නිදහස් කරන ලෙස හමුදා පාලනයට බල කරමින්.

ඊට අමතරව, හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූවන්ට එරෙහිව පළ කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් ද දීර්ඝ කාලීන සිර දඬුවම් ලබා දෙන බවට අනතුරු අඟවා තිබේ.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දින කිහිපයක සිට දැවැන්ත විරෝධතා පැවැත්වේ.

 

 

Related posts

ඩොලර් මිලියන 45ආටා අලෙවි වූ පිකාසෝගේ චිත්‍රය(වීඩියෝව)

Mohamed Dilsad

බැග්ඩෑඩයේදී හමුදා රථ පෙළකට ඇමෙරිකානු ප්‍රහාරයක්

Mohamed Dilsad

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්

Mohamed Dilsad

Leave a Comment