ක්‍රීඩා

තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

(UTV| කොළඹ) – තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබේ.

පසුගියදා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට තම විවාහ උත්සවය නිසා එක් නොවූ කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී මෙම පරීක්ෂණයට මුහුණ දුන්නේය.

ඒ අනුව ඔහු මිනිත්තු 8 යි තත්ත්පර 18 ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව යමින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වී ඇත.

පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද දිනයේ දී ඉන් සමත් වී ඇත.

ධනුෂ්ක ගුණතිලක මිනිත්තු 8යි තත්ත්පර 23ක කාලයකින් අදාළ දුර ප්‍රමාණය දිව ගොස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා.

භානුක රාජපක්ෂ ඒ සදහා ගත කර ඇති කාලය මිනිත්තු 8යි තත්ත්පර 27ක්.

මෙම පරීක්ෂණයෙන් සමත් වීමට නම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8 යි තත්ත්පර 35 ක කාලයකින් දිව යාමට ක්‍රීඩකයින්ට සිදුවෙයි.

 

Related posts

ලෝක කුසලාන සිහිනය බොඳ වුණු උරුගුවේ සහ බ්‍රසීලය

Mohamed Dilsad

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දසුන්ට

Mohamed Dilsad

Leave a Comment