දේශීය

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑල ඔස්සේ යොමු කිරීම ඇරඹෙයි

(UTV| කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සදහා විභාග ප්‍රවේශ පත්‍ර තැපෑල ඔස්සේ යොමු කිරීම ආරම්භ කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කලේ කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල්වල විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ විභාග ප්‍රවේශපත්‍ර අද (17) දිනයේදී ලබා ගත හැකි බවයි.

අනෙකුත් අධ්‍යාපන කළාපවල පාසල් අයදුම්කරුවන් සදහා ඊයේ දිනයේදී විභාග ප්‍රවේශපත්‍ර තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කර ඇත.

මේ අතර පෞද්ගලික අයදුම්කරුවන් සදහා අද දිනයේදී ප්‍රවේශපත්‍ර තැපැල් කිරීමට නියමිත බව සනත් පූජිත මහතා කියා සිටියේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01 වනදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

 

Related posts

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මැතිවරණ කොමිෂමෙන් දැනුම්දීමක්

Editor O

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

Mohamed Dilsad

රට වසා දැමීමෙන් පමණක් කොරෝනා වසංගතය මර්දනය කළ නොහැකියි – ජනපති

Mohamed Dilsad

Leave a Comment