විදෙස්

ඕස්ට්‍රේලියානු වැසියන්ට ෆේස්බුක් තහනමක්

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට අවහිරතා පැනවීමට ෆේස්බුක් (Facebook) සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, ඕස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යන් සම්බන්ධයෙන් සම්මත කරගත් නව නීති හේතුවෙනි.

නව නීතින්ට අනුව ඔස්ට්‍රේලියානු රජය පවසන්නේ, ෆේස්බුක් සහ ගූගල් වැනි ආයතන සිය රට සම්බන්ධයෙන් පළ කරන ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවිය යුතු බවයි.

ඕස්ටේලියානු රජය සිය සමාගම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කරන සමාගම් අතර ඇති සම්බන්ධය මූලික වශයෙන්ම වරදවා තේරුම් ගෙන ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කළේ ය.

ෆේස්බුක් සමාගමේ මෙම අවහිරතා පැනවීම දැඩිව විවේචනය කරමින් ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළේ, ෆේස්බුක් සමාගම පිළිබඳ ඇති විශ්වසනීයත්වයට මෙය තර්ජනයක් බවයි.

මෙම අවහරිතාව එරට කාලගුණ අංශ, ආරක්ෂක සහ හදිසි සේවා වැනි අංශවල ෆේස්බුක් පිටු සඳහා ද බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම නීතිය නොවෙනස්ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ලෙබනනයේ පිපිරීම්වලින් පුද්ගලයින් රැසක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

මෙක්සිකෝවේ බන්ධනාගාර ගැටුමකින් 16 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment