දේශීය

මෑතකදී සිදුවූ වැඩිම රිය අනතුරු මරණ ගණන ඊයේ දිනයේදී

(UTV | කොළඹ) – මෑත කාලයේදී වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ (18) දිනයේදී බව පොලීසිය පවසයි.

රිය අනතුරු හේතුවෙන් ඊයේ දිනයේදී පුද්ගල මරණ 15ක් වාර්තා වී ඇති අතර ඔවුන් අතරට යතුරු පැදිකරුවන් 08 දෙනෙක් සහ පදිකයන් 07 දෙනෙක්ද අයත්.

ඉන් හතරදෙනෙකු මියගොස් ඇත්තේ ඊයේ දිනයේදීම සිදුවූ රිය අනතුරුවලින් අතර, අනෙක් පුද්ගලයින් හත්දෙනා මීට පෙර දිනවලදී සිදුවූ රිය අනතුරු හේතුවෙන් රෝහල්ගතව සිට මියගිය පුද්ගලයින් වෙයි.

දෛනිකව ඉහළ යන රිය අනතුරු ප්‍රමාණය අවම කිරීම සදහා අකුසලතා ලකුණු ක්‍රමවේදය නැවතත් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

 

Related posts

මැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

Mohamed Dilsad

නීති විරෝධීව මෙරටට එවූ කහ තොගයක් යුධ හමුදා භාරයට

Mohamed Dilsad

ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment