විදෙස්

මියන්මාර විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

(UTV | මියන්මාරය) – මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතාවයක නිරතවී සිටියදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක මියගොස් ඇත.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට හිසට වෙඩි වැදීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 09 වනදා පැවති විරෝධතාවයකදී ජල – රබර් උණ්ඩ සහ සජීව පතොරම් යොදාගනිමින් මියන්මාර ආරක්ෂක විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව එරට හමුදා පාලනයට එරෙහිව විරෝධතාවලින් මියගිය පළමුවැන්නා ලෙස ඇය වාර්තා වෙයි.

 

Related posts

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

Mohamed Dilsad

ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍යට පැමිණෙන විදේශිකයන් දින 14 ක නිරෝධායන කාලයකට

Mohamed Dilsad

Leave a Comment