දේශීය

පාකිස්තාන අගමැතිගේ ආරක්ෂක නිලධාරීන් දිවයිනට

(UTV | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්ර‍ාන් ඛාන් මහතා ලබන අඟහරුවාදා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරය‍ා පිලිගැනීම සඳහා විශේෂ හමුදා උත්තමාචාර වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි පෙර පුහුණු කටයුතු කටුනායක ගුවන්තොටුපලේ මේ දිනවල සිදුවේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද එම ස්ථානයට ගොස් එම පෙරහුරු වැඩසටහන නිරීක්ෂණය කලේය.

පාකිස්ථාන අගමැතිවරයාගේ සංචාරය සංවිධානය කිරීම සඳහා මෙරටට පැමිණ ඇති පාකිස්ථාන ආරක්ෂක හා රජය නිලධාරීන් සමග ද ඇමතිවරයා අදහස් හුවමාරු කරගත්තේය.

 

Related posts

රජය වී කිලෝ 675ක් මිලදී ගත්තා – වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්කන්ද

Editor O

පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ලක්ෂ 4900 ක බැංකු ගිණුමේ හිමිකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment