දේශීය

2020 සාපෙළ සිසුන් වෙනුවෙන් විශේෂ පහසුකමක්

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ , ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසාදී ඇති බවයි.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිතුමා මගින්ද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්ම ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

Related posts

ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

යුද හමුදාපතිගෙන් ත්‍රිවිද හමුදාවට ඉල්ලීමක්

Mohamed Dilsad

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

Leave a Comment