දේශීය

පකිස්ථාන අගමැති හෙට දිවයිනට

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (23) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇත.

සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඔහු අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව ද සඳහන් වේ.

පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබුණත් පසුව එය අවලංගු කෙරිණි.

 

Related posts

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

කොරෝනා වෛරසය වැළඳි තවත් කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment