දේශීය

පුත්තලම – කොළඹ දුම්රිය මගීන්ට නිවේදනයක්

(UTV| කොළඹ) – කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය එළඹෙන 26 වනදා සිට 28 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවන බව දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.

පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එළඹෙන 26 වනදා පෙරවරු 8.00 සිට 28 වනදා පස්වරු 8.30 දක්වා කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇත.

එම කාලසීමාව තුළ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බැවින් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණි.

 

Related posts

ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹින් – දෙවැනියට රත්නපුරින්

Mohamed Dilsad

ඊයේ දිනයේ තවත් PCR පරීක්ෂණ 1078 ක්

Mohamed Dilsad

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කරයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment