ක්‍රීඩා

ළහිරු කුමාරටත් කොරෝනා

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ක්‍රිකට් තරඟාවලිය සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටි සංචිතයටද ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

කොදෙව් දූපත් බලා යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කල PCR පරීක්ෂණයේදී එය තහවුරු කරගත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

අනෙකුත් ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ අද රාත්‍රියේදී ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන අතර , සෞඛ්‍ය නිර්දේශ අනුව ඉදිරි පියවර අනුගමනය කරන බව ක්‍රිකට් ආයතනය කියා සිටියි.

ක්‍රීඩක ළහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ද පසුගියදා කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු විය.

 

Related posts

ඉන්දීය පන්දු යවන්නෝ එංගලන්ත පළමු ඉනිම සුණූ විසුණූ කළ හැටි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු යළි නොඑන ලකුණු?

Mohamed Dilsad

කාසියේ වාසිය ස්කොට්ලන්තයට..

Mohamed Dilsad

Leave a Comment