(UTV | කොළඹ) – රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක සංචිතයක් ලබා ගැනීමටත් ඒ සඳහා රුපියල් මිලියන 83,000 ක මුදලක් වෙන් කිරීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවීන්ට සහතික මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීම එහි අරමුණ බවයි.