දේශීය

පාකිස්ථාන් අගමැතිවරයා රැගත් ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශයේ ඉඩ

(UTV| කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා අද (23) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැමිණෙන ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා ඉන්දීය බලධාරීන් අවස්ථාව ලබාදී ඇත.

කෙසේවෙතත් කාශ්මීර ප්‍රදේශයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධින් මුල්කර ගනිමින් 2019 වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් ගුවන් යානයට සිය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්තාන රජය අවස්ථාව ලබා නොදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වෙයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම වසරේ රටින් බැහැරව යන පළමු නිල සංචාරය මෙය වේ.

 

Related posts

සේවක භාර අරමුදල් පනතට සංශෝධන

Mohamed Dilsad

මත්පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නිවාස රැසකට තවදුරටත් විදුලි සැපයුම අඩාලයි

Mohamed Dilsad

Leave a Comment