දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අතර හමුව [PHOTOS]

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හමුවිය .

පාකිස්තාන-ශ්‍රී ලංකා සම්බන්ධතාවය ගොඩනඟා ඇත්තේ විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය මත බව අගමැති ඉම්රාන් ඛාන් කියා සිටියේය. ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ වෙළඳ සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඉම්රාන් ඛාන් මහතා අවධාරණය කළේය.

කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, විද්‍යාව හා තාක්‍ෂණය, ක්‍රීඩා, අධ්‍යාපනය සහ සංස්කෘතිය වැනි විවිධ ක්ෂේත්‍රවල වැදගත්කම ඉම්රාන් ඛාන් මහතා අවධාරණය කළේය. දරිද්‍රතාවය පිටුදැකීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සැමවිටම සහයෝගයෙන් ක්‍රියා කරන බවත් අනාගතයේ දීද ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට පාකිස්තානය පසුබට නොවන බවත් අගමැති ඉම්රාන් ඛාන් පවසා තිබේ.
දෙරට අතර ඇති සාම්ප්‍රදායික හා සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ ඔහු, පාකිස්තානය, ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා බෞද්ධ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන ගමනාන්තයක් වන අතර පාකිස්තානයේ පොහොසත් බෞද්ධ උරුමයද එතුමා පැහැදිලි කළේය.

තවද, කලාපීය සන්දර්භය තුළ රටවල් අතර සාමය, සංවර්ධනය සහ සබඳතා පිළිබඳ ඔහුගේ දැක්ම පැහැදිලි කළේය. සාර්ක් හරහා කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම සහ බීආර්අයි (BRI) හි ප්‍රධාන ව්‍යාපෘතිය වන සීපීඊසී (CPEC) හරහා කලාපීය සංවර්ධනය සඳහා ඇති හැකියාවද ඔහු අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තානයේ සංචාරයක් සඳහාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කළේය.

 

No description available.

No description available.

 

Related posts

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට

Editor O

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

පෙබරවාරි 04 දිවයිනේ සියළුම සුරාසැල් වැසේ

Mohamed Dilsad

Leave a Comment