දේශීය

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලබන කොරෝනා එන්නත් තොගයෙන් කොටසක් එනම් ලක්ෂ 05 ක් අද දිනයේදි ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත බව සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය.

එමෙන්ම, කොරෝනා අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රිත එන්නත්කරණය හෙට (26) සිට ආරම්භ කරන බව ද කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියාය.

පසුගිය ජනවාරි 28 වැනිදා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන් අතර , තවත් ඉතිරිව ඇත්තේ එන්නත් 116,907 ක් පමණි.

 

 

Related posts

මැතිවරණ කොට්ඨාස 22කින් ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගන්නා විදිය.

Editor O

යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Editor O

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

Mohamed Dilsad

Leave a Comment