දේශීය

දිවයින පුරා වැටලීමකින් 3,871 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර වරෙන්තුකරුවන් 1,430 ක්ද සිටින බවයි.

පොලිස් නිළධාරින් 18, 357 දෙනෙකු මෙම මෙහෙයුමට දායක වී ඇත.

දිවයිනම ආවරණය වන පරිදි සතිපතා මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

 

 

Related posts

නිරෝධායනය අවසන්වූ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ කොටි තහනම යළි දිගු වේ

Mohamed Dilsad

මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment