ගොසිප්

වත්මන් ආණ්ඩුව සතුටින් බලයට පත්කළ අපි දැන් ඉන්නේ මහත් වේදනාවකින්

(UTV | කොළඹ) – තමන් වහන්සේලා හා වර්තමාන ආණ්ඩුව සතුටින් බලයට පත් කළ ද අද මහත් වේදනාවෙන් කතා කරන්නට සිදුවී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරයි.

අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.

අද රටේ ප්‍රශ්න පිළිබඳව ඉතා කණගාටුවෙන් වේදනාවෙන් කතා කිරීමට සිදු වී ඇති බවත් රට අද ආණ්ඩුවක් නැති අරාජික බව පෙනී යන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රට නිසි ලෙස ගෙන යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නම් පළමුව වෙනස් කළ යුත්තේ ජනාධිපති ලේකම් පී. බී ජයසුන්දර මහතා බවද පැවසූ උන්වහන්සේ ඔහු සිටිනා තාක් මේ රටේ පාලනය කිසිවෙකුට ගෙන යාමට හැකි වන්නේ නැතැයි ද පැවසූහ.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ උන්වහන්සේ ,

“අද රටේ ප්‍රශ්න පිළිබඳව ඉතා ම කනගාටුවෙන්, වේදනාවෙන් කතා කිරීමට සිදු වී තිබෙනවා. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් නැහැ වගේ ම ආණ්ඩුවකුත් නැති බව පේනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නිසි විදියට ආණ්ඩුව ගෙන යෑමට අවශ්‍යකම තිබෙනවා නම් පළමුව වෙනස් කළ යුත්තේ පී.බී. ජයසුන්දර මහත්මයායි. පී.බී. ජයසුන්දර මහත්මයා සිටිනතාක් මේ රටේ පාලනය කිසිවකුටත් ගෙනයෑමට හැකි වෙන්නේ නැහැ. ඔහු සැමවිට දරන්නේ ඔහුගේ මතයයි. එතුමාගේ උපදෙස් ගෙන මේ රට කවදාවත් ගෙනයන්නට බැහැ.

අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉතා ම දුර්වල තත්ත්වයක පවතිනවා. කොවිඩ් එන්නත ලබා දීමේදීත් ඒක පේනවා. එහි කිසිම ක්‍රමවේදයක් නැහැ. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිසි බලධරයෙක් නැහැ. එක එක අයට අවශ්‍ය පරිදි ඒක පාලනය කරනවා. මීට පෙර සෞඛ්‍ය ලේකම් ලෙස දක්ෂ පුද්ගලයෙක් සිටියා. අද ලේකම් තුළ නිසි පරිපාලනයක් නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාට එය තේරෙන්නේ නැත්තේ ඇයි දැයි ගැටලුවක්.

සනත් ජයසූරිය මහතාට එන්නතක් ලබා දුන්නා යැයි චෝදනාවක් මත හිටපු ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙනත් අමාත්‍යංශයකට මාරු කර ඇති බවත් තමන් වහන්සේලා සතුටෙන් මෙම ආණ්ඩුව බලයට පත් කළත් අද තමන් වහන්සේ වේදනාවෙන් කතා කරන බවත් ඒ හේතුවෙන් එම මාරු කිරීම වහාම අවලංගු කර සිටි ස්ථානයේ ම ඒ මහතාට නැවත පත්වීම ලබා දෙන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

 

Related posts

කොළඹ ගැන රජය ගත් තීරණය මෙන්න

Mohamed Dilsad

තමන් කිසිදා නොකරන දෙයක් පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment