කලා

හර්බජාන් සිං ගේ මංගල චිත්‍රපටය ලංකාවේ නිළියක් සමඟ [VIDEO]

(UTV | ඉන්දියාව) – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං රංගනයෙන් එක්වූ මංගල චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක දැන්වීම් පටය මේ වන විට නිකුත් වී තිබේ.

ජෝන් පෝල් රාජ් හා ශ්‍යාම් සූර්යා ගේ සම අධ්‍යක්ෂණයක් වූ මෙම චිත්‍රපටයේ නම “Friendship”.

හර්බජාන් සිං සමගින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිළියක් වන ලොස්ලියා මරියානේසන් ද මෙම චිත්‍රපයට රංගනයෙන් දායකත්වය ලබාදෙයි.

මෙම දමිළ චිත්‍රපටය ඔවුන් දෙදෙනා රංගනයෙන් දායකත්වය දක්වන මංගල චිත්‍රපටයයි.

ශ්‍රී ලංකාවේ කිලිනොච්චි හි උපත ලබා ඇති ලොස්ලියා මරියානේසන් මීට පෙර මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක නිරූපිකාවක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කර ඇත.

 

Related posts

‘බ්ලැක් පැන්තර්’ දෙවන්නට මාටින් ෆ්‍රීමන්ට අවස්ථාවක්

Mohamed Dilsad

බ්‍රී ලාසන්ගෙන් වෙනස් ආකාරයේ චිත්‍රපටයකට ඉල්ලීමක්

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් දෙදෙනෙක් එකම ප්‍රසංග වේදිකාවට

Mohamed Dilsad

Leave a Comment