දේශීය

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 05 ක්

(UTV | කොළඹ) – බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 05 ක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.

කොවිඩ් 19 ශ්‍රී ලංකා ක්ෂණික ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ , හම්බන්තොට, කිලිනොච්චිය, අම්පාර, ඉරණවිල සහ මහනුවර ප්‍රදේශවල එම රෝහල් ඉදි කෙරෙන බවයි.

ඊට අමතරව IDH රෝහලේ ද බෝවන රෝගීන් වෙනුවෙන් වෙන් වූ දුරස්ථ ඒකකයක් ස්ථාපිත කරන බව ද ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේය.

 

Related posts

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ

Mohamed Dilsad

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

බෝරා නායක ඇතුලු පිරිසකට මෙරටට පැමිණීමට අවසර

Mohamed Dilsad

Leave a Comment