ව්‍යාපාරික

ලග්ගල එනසාල් සඳහා හොද මිලක්

(UTV | මාතලේ) – මාතලේ – ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉපැරණි ගම්මානවල වැවෙන එනසාල් සඳහා හොද මිලක් ලැබී ඇතැයි ගොවිහු කියා සිටිති.

මේ දිනවල එනසාල් කිලෝවක් රුපියල් 17, 000 ක් වැනි මිලකට අලෙවි වන බවත් ගොවිහු පවසයි.

නකල්ස් රක්ෂිත භූමියේ කළු පහන ප්‍රදේශයේ දී බහුලව වගා කෙරෙනු එනසාල් වගා සිදුවන පරිසර හානි හේතුවෙන් තහනමට ලක් කෙරිණි.

පසු කාලීනව ලග්ගල – රණමුරේ, නාරංගමුව, ඇටැන්වල, රත්නින්ද වැනි පැරණි ගම්මානවල මද වශයෙන් එනසාල් වගා කර තිබිණි.

මේ වන විට ගෙවතු ආශ්‍රිතව ද කුඩා කුඩා වශයෙන් එනසාල් වගා කර තිබේ.

මෙසේ වගා කර ඇති එනසාල් සදහා හොද මිලක් පැවතීම හේතුවෙන් ගොවීන් ද එනසාල් නෙලීමේ කටයුතු ආරම්භ කර ඇත.

පාරම්පරික එනසාල් වගා කටයුතු වලින් ඉවත් වී අද වන විට විවිධ වෙනත් වගාවන් කෙරෙහි අවධානය යොමු කර ඇති ලග්ගල ගොවීන් රජයෙන් ඉල්ලා සිටියේ ගෘහ ආශ්‍රිතව හා සිය වගා භූමි වල වගා කළ හැකි එනසාල් ප්‍රභේද සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් දැනට සිදුකරනු ලබන වගාවන්ට අමතර ආදායමක් තමන්ට ලබාගත හැකි බවයි.

 

Related posts

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

‘2024 වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

Editor O

ආනයනික සහල් බද්ද අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment