ගොසිප්

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

(UTV | කොළඹ) – සිය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ තනතුරෙන් ඉවත් කරන බවට තමාට කිසිදු ලිඛිත දැනුම් දීමක් තබා SMS පණිවුඩයක් හෝ නොලැබුණ බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

ලේකම්වරයා විශේෂඥ වෛද්‍යවරයෙක් බැවින් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලකිය යුතු කාලයක් සේවය කළ බැවින් කොවිඩ් පාලන කටයුතු පිළිබඳ ‌මනා අවබෝධයක් තිබුණේ යැයිද ඇය පෙන්වා දුන්නාය.

කොවිඩ් පාලන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් පුද්ගලයන් කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් අප විමසූ විට ඇය සදහන් කළේ , සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් කටයුතු අවුල් සහගත තත්ත්වයක තිබුණ බැවින් තමා කළකිරීමෙන් කටයුතු කළ නමුත් එම අවුල් සහගත තත්ත්වන් දැන් නිවැරැදි කර ගෙන සිය ඇමැති ධුරයේ කටයුතු සාර්ථකව කරගෙන යන බවකි.

 

Related posts

පක්ෂ නායකත්වය ගැන රනිල් සජිත් අද සාකච්ඡාවක

Mohamed Dilsad

සීමා ලිහිල් කරන්න යැයි රටවල් රැසක විරෝධතා

Mohamed Dilsad

පිටකෝට්ටෙන් හමුවූ කොරෝනා පොකුර

Mohamed Dilsad

Leave a Comment