දේශීය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත නොකිරීමේ තීරණයක්

(UTV| කොළඹ) – ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊට අදාළ නීති අණපනත් ද සංශෝධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

“ග්‍රෑම් 2 ක් තියා ගත්තොත් මරණීය දණ්ඩනය නියම වෙන්නේ. නමුත් සමහර ග්‍රෑම් 02 ක හෙරොයින් ක්ෂුද්‍ර බර මිලිග්‍රෑම් 100 ක්වත් නෑ. රසපරීක්ෂක වාර්තාව එනකම් අදාළ පුද්ගලයා වසර එකහමාරක් පමණ කාලයක් බන්ධනාගාරයේ ඉන්නවා. ඒ කාලය තුළදී ඔහු දරුණු අපරාධකරුවෙක් වෙලා තමයි එළියට එන්නේ. ඒ නිසා අපි මීට පස්සේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වෙච්ච අයව බන්ධනාගාරගත කරන්නේ නැතුව ඔවුන්ව කෙලින්ම පුනුරුත්ථාපනයට යවනවා. ඒකට නීති සංශෝධනය කරනවා.”

 

Related posts

දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

වෙළඳපොළේ සීනි අර්බුදය

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment