විදෙස්

මියන්මාර හමුදාවේ YouTube නාලිකා පහක් අවහිර කරයි

(UTV | මියන්මාරය) – මියන්මාර යුධ හමුදාව විසින් පවත්වාගෙන යන නාලිකා 05 ක් ඉවත් කිරීමට යූ ටියුබ් ආයතනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිය රෙගුලාසි මාලාව කඩ කිරීම ඊට හේතුව බව යූ ටියුබ් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

පෙබරවාරි 01 වනදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මේ දක්වා මියන්මාර හමුදාවල වෙඩි තැබීම් හේතුවෙන් උද්ඝෝෂකයන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

මේ අතර මියන්මාර හමුදාවේ අණ ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කල පොලිස් නිළධාරීන් පිරිසක් දේශපාලන රැකවරණ පතා ඉන්දියාවට පැමිණ ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

ප්‍රංශ ජනාධිපති අපේක්ෂක ප්‍රංශුවා ෆිලන්ට දුෂණ චෝදනා

Mohamed Dilsad

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යාව අතර විරසකයක්ද?(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment