ව්‍යාපාරික

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක්

(UTV | කොළඹ) – සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත, 2021 “ලෙට්ස්” (Let’s Talk Cargo) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් පිරිනමා තිබේ.

භාණ්ඩ සේවා විශිෂ්ඨතා සම්මානය (Cargo Service Excellence Award) සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය සදහා වූ සම්මානය (Absolutely Cargo Award Groth) එම සම්මාන ද්විත්වයයි.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමග ගෝලීය ගුවන් ගමන් තාවකාලිකව නතර වී තිබූ අවස්ථාවක, සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ වෙත භාණ්ඩ සහ ගුවන් මගීන් රැගෙන ගුවන් ගමන් ආරම්භ කළ පළමු ගුවන් සේවා අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද සිටියි.

උසස් පාරිභෝගික සේවාවක් සපයමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ, පෞද්ගලික වෛද්‍ය උපකරණ ඇතුළු හදිසි ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරමින්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා වේගවත්, නව්‍ය විසදුම් ලබා දීම මෙම සම්මාන ද්විත්ව ලබාදීමට හේතු වී තිබේ.

එමෙන්ම පසුගිය මාස 10 ක කාළය තුළ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලාංකිකයන් 1,500 දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ.

සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ ලෝකයේ විශාලතම ගුවන් කේන්ද්‍රස්ථානයක් වන අතර එහි වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 68 ක් සහ ගුවන් යානා 382,000 ක් සහිත මෙට්‍රික් ටොන් මිලියන 03 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කරයි.

 

Related posts

මෙරට තේ නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය සුදානම්

Mohamed Dilsad

HNB FINANCE වෙතින් කොවිඩ් පාලනයට ත්‍රීරෝද රථ සඳහා “මගී ආරක්ෂණ ආවරණ”

Mohamed Dilsad

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

Mohamed Dilsad

Leave a Comment