දේශීය

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද ජිනීවා වෙත

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ සංශෝධිත යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට අද (08) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙරට ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කළ අතර, එහි සංශෝධිත යෝජනාවක් මෙලෙස ඉදිරිපත් කෙරෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව පසුගිය මස 24 වනදා එම කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණි.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම වාර්තාවට ලක් රජයේ අප්‍රසාදය පළ කළේ ඉන් පසුවයි.

 

Related posts

T20 ලෝක ශූරතාවය සඳහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන විමර්ශනයට කමිටුවක්

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාව ගැනත් ආණ්ඩුව තීන්දුවක් ගනී

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment