විදෙස්

සිරියානු ජනපතිට සහ බිරිඳටත් කොරෝනා

(UTV| සිරියාව) – සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිරියානු රාජ්‍ය රූපවාහිනිය ද එය තහවුරු කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා PCR පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මේ දක්වා සිරියාවේ කොරෝනා ආසාදිතයින් 15,981ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 1,063කි.

 

 

Related posts

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයි

Mohamed Dilsad

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයට බයිඩන්ගෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

Leave a Comment