ක්‍රීඩා

මෙරට ක්‍රිකට් අතීතය යළි සිහි කරවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්

(UTV| කොළඹ) – Road Safety World Series තරගාවලියේ තෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ඒ, දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9 කින් ජය වාර්තා කිරීමත් සමගයි.

රායිපූර්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

ඇන්ඩෲ පුටික් ලකුණු 39 යි. පන්දුයැවීමේදී නුවන් කුලසේකර, රංගන හේරත් සහ සනත් ජයසූරිය කඩුලු දෙක බැගින් බිද හෙලීය.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යමින් මෙම තරගය ජය ගත්තා. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 40 කදී නොදැවී ලකුණු 50 ක් රැස් කළේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින්.

සනත් ජයසූරිය ලකුණු 8 කට දැවී ගිය අතර, උපුල් තරංග නොදැවී ලකුණු 27ක් රැස් කළහ. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් දෙවැනි ස්ථානය තහවුරු කර ගත්හ.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට වැඩි අවස්ථාවක් උදා වී තිබේ.

May be an image of one or more people, people playing sports and text

 

 

Related posts

මැතිව්ස් යළි දිවයිනට

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

Mohamed Dilsad

Leave a Comment