ව්‍යාපාරික

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළට

(UTV | සෞදි අරාබිය) – ලොව විශාලතම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබියේ පිරිපහදු, ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක්වී දින කිහිපයක පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ ඩොලර් 70 ඉක්ම වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 65 දක්වා ඉහළ ගියේය.

ඇමරිකානු තෙල් නිෂ්පාදනවල මිල මේ මාසය තුළ 12 % කින් ඉහළ ගොස් ඇති අතර, ගෝලීය බොරතෙල් මිල මේ වසරේදී 30 % කින් පමණ ඉහළ ගියා.

තෙල් මිල මේ වනවිට සටහන් වන්නේ වසර දෙකකින් ඉහළම අගයකයි.

 

Related posts

සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතයි

Mohamed Dilsad

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර

Mohamed Dilsad

භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහලට

Mohamed Dilsad

Leave a Comment