ව්‍යාපාරික

හොරණට අක්කර 64 ක ඖෂධ කලාපයක්

(UTV | කොළඹ) – නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන පරිදි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඖෂධ වැඩි වශයෙන් දේශීයව නිෂ්පාදනය කිරීම සඳහ‍ා උපායමාර්ගික ක්‍රමෝපායන් අනුගමනය කරමින් පවතී. ඒ අනුව, මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරබොක්ක සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව යන ප්‍රදේශවල ඖෂධ කලාප පිහිටුවීමේ කටයුතු ආරම්භ කර ඇත.

ඊට අමතරව තවත් ඖෂධ කලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, මිල්ලෑව ප්‍රදේශයෙහි ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

එම ඖෂධ කලාපයේ විකලාංග හා ස්නායු ශල්‍ය උපකරණ, පිළිකා මර්දන ඖෂධ, පෙති හා කරල් ඖෂධ නිෂ්පාදනය සහ හෘද සැත්කම් උපකරණ. අභ්‍යන්තර අක්ෂි කාච නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.

එම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, පළමු අදියර රුපියල් බිලියන 08ක ඇස්තමේන්තුගත ආයෝජනයක් මත 2021 මාර්තු මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂිතය.

යෝජිත ඖෂධ කලාපය ස්ථාපිත කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 64ක් සහ පර්චස් 83.3ක ඉඩම් කොටසක් වෙන් කර ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර දැනටමත් අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

 

Related posts

එළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළට

Editor O

රටවල් 38ක පුරවැසියන් ට වීසා ගාස්තු රහිත ප්‍රවේශයට අනුමැතිය

Editor O

බස් ගාස්තුත් ලබන සතියේ සිට වැඩිවෙයි

Mohamed Dilsad

Leave a Comment