දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවු තද වැසි

(UTV | කොළඹ) – සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන කිහිපයකට මි.මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබරගමුව, ඌව හා බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

 

 

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවක් පත් කරයි

Mohamed Dilsad

කලු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග

Mohamed Dilsad

පොලිස් කොස්තාපල්වරුන්ට උසස් වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment