විදෙස්

මෙක්සිකෝව චීන එන්නත් මිලියන 22 ක් මිලදී ගැනීමට යයි

(UTV | මෙක්සිකෝව ) – මෙක්සිකෝව චීනයේ සීනොවැක් සහ සීනොෆාම් වෙතින් කොවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 22 ක් මිලදී ගන්නා බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ් ඊයේ (09) සඳහන් කර ඇත.

මෙක්සිකෝව තුළ අවසරය ලැබීමෙන් පසු සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 12 කට අමතරව, සීනෝවාක් එන්නත් මාත්‍රා මිලියන 10 ක් මිලදී ගන්නා බව එබ්‍රාඩ් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.

Related posts

මරණින් කෙලවර වූ පාපන්දු තරඟය

Mohamed Dilsad

නේපාලයේ බෝම්බ පිපිරීම් තුනක් – සිව් දෙනෙක් මරුට.

Mohamed Dilsad

ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment