ව්‍යාපාරික

වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට සාකච්ඡා

(UTV| කොළඹ) – නුදුරේදීම වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කෙරෙනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්නගේ පවසයි.   

මේ දිනවල වාහන ආනයනකරුවන්ගේ සංගම් සහ මහ බැංකුව වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නිසි ක්‍රමවේදයක් පිලිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ඒ් මහතා පැවසීය.

ලබන සතියේ පැවැත්වෙන සාකච්චා වටයේදී බොහෝ දුරට සාධනීය විසඳුමක් ලැබෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පල කරයි.

මෙරින්නගේ පවසන්නේ ඒ අනුව මේ වන විට අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති වාහන මිල යම් තරමකට පහළ වැටෙනු ඇති බවටයි.

 

Related posts

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරයි

Mohamed Dilsad

බිලියන 325ක වී ගන්න, බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන මෝඩ කතාද මේ..- ඩඩ්ලි සිරිසේන

Editor O

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක්

Mohamed Dilsad

Leave a Comment