දේශීය

හිජාස් හිස්බුල්ලා සිරගතකර තැබීම සම්බන්ධයෙන් යුරෝපීය මානව හිමිකම් තානාපතිවරු අට දෙනෙකුගේ දැඩි කණස්සල්ල

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ නීතිඥවරයෙකු වන හිජාස් හිස්බුල්ලා මහතාව සිරගතකර තැබීම පිළිබඳව යුරෝපයේ මානව හිමිකම් තානාපතිවරයා සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ.  

මීට අමතරව ජර්මනිය, එස්තෝනියාව, ෆින්ලන්තය, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන රටවල මානව හිමිකම් තානාපතිවරු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින්නා වූ නිසි ක්‍රියාදාමයට සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙසටයි.

හිජාස් හිස්බුල්ලා යනු ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඇතුළු සුළුතර ජන කොටස්වල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛයෙක් වන බව ද ඔවුන් අවධාරණය කරයි.

රටක මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ගේ කාර්යභාරය ඉතා වැදගත් බව ද එම රටවල මානව හිමිකම් තානාපතිවරුන් පෙන්වා දෙයි.

ඔවුන් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ , මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට හිංසා කිරීම වැළැක්වීම සඳහා රජය සතු විශේෂ යුතුකමක් හා වගකීමක් බවයි.

2020 වසරේ අප්‍රේල් මාසයේ සිට මාස 10 කට ආසන්න කාලයක් රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි නීතිඥවරයා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරුවෙකු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැඩිව කණස්සල්ලට පත්වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට ගරු කරන ලෙසට ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

 

Related posts

කොළඹ වාහන තදබදයට ‘Park and Drive’ ක්‍රමවේදය නුදුරේදීම

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සහ මිලියන 9 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයි

Mohamed Dilsad

Leave a Comment