දේශීය

පිළිස්සී මිය ගිය ව්‍යාපාරිකයාගෙන් මරණයට විනාඩි 7කට පෙර බිරිඳට ඇමතුමක්

(UTV | කොළඹ) – කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් රථයක් තුළ පිළිස්සී තිබීයදී සොයාගත් මළසිරුර සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.  

මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවතේ පදිංචි ​මොහොමඩ් ෆෂීර් නම් තිස් එක් හැවිරිදි අයෙකි. ඔහු නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

පසුගිය 10 වැනිදා රාත්‍රි ආහාර ලබාගැනීම සඳහා ගොස් ආපසු සිය මාමණ්ඩියට අයත් ව්‍යාපාරික ස්ථානයකට මොහු මෝටර් රථයෙන්ම පැමිණ ඇති අතර එම ස්ථානයේ ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන ගෝලයන්ද නතර වී සිට ඇත.

ව්‍යාපාරිකයා මියයන්නට විනාඩි 7 කට කලින් පානදුරේ සිටින සිය බිරිය සමඟ දුරකථනයෙන් කතාබස්කර ඇති බවද හෙළි වී තිබේ. ඒ ඊයේ (11) දින පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල්‍යයකට අවශ්‍ය කේක් ලබාගැනීම පිළිබඳවයි.

ව්‍යාපාරිකයා මෙම ස්ථානයට පැමිණ ඇත්තේ කිසිවකු විසින් ගෙන එනු ලැබූ කේක් ලබාගැනීමට බව මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි.

මියගිය ව්‍යාපාරිකයාගේ රථයේ පිටුපස අසුනේ පෙට්රල් පිරවූ කෑන් එකක්ද තිබී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එමෙන්ම මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගැනීමට පොලිසිය අධිකරණය මඟින් කටයුතු කර තිබේ.

මියගිය පුද්ගලයා අධික ලෙස සිගරැට් පානයට පුරුදු වී සිටි අයකු බවත් වාර්තා වනවා.

මරණයට හේතුව සොයා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹා ඇත. ගින්න සිදුවූ ආකාරය හා මරණයට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ මතය ලබා ගැනීමෙන් පසුව නිශ්චය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මරණය පිළිබඳ සැකයක් නොමැති බව පවුලේ සාමාජිකයන් පොලිසියට පවසා ඇත.

 

Related posts

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

තද වැසි තත්වය නිසා ගං වතුර අවදානමක්

Mohamed Dilsad

ලක්ෂ 220කගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව බිහි වූ සමගි ජන සන්ධානය

Editor O

Leave a Comment