දේශීය

සීනි බදු වංචාව සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV | කොළඹ) – සීනි ආනයනය කිරීමේදී රජයට රුපියල් බිලියන 15.9 ක බදු වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ගොනුකර ඇත.   

ජනතාවට ලැබිය යුතු සහන නොලැබීම හමුවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පුද්ගලික සමාගමක සභාපතිවරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

 

Related posts

වව්නියාවේ සිද්ධියට අදාළ FR පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උළෙල වර්ජනය කරයි

Mohamed Dilsad

Leave a Comment