විදෙස්

ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය ඇමෙරිකානුවන්ට නැති වුණා – ජෝ බයිඩ්න්

(UTV | ඇමෙරිකාව) – වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පිළිගන්නා බව ඔහු විසින්ම සඳහන්කර ඇත.  

වසංගතයේ වසරක් සනිටුහන් කරමින් ජනාධිපති ජෝ බයිඩ්න් ඇමෙරිකානුවන් අමතා විශේෂ දේශනයක් පවත්වමින් මෙම අදහස් දැක්වීම සිදුකර තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

“අපේ රජයට සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇමෙරිකානු ජනතාවට ඉතා අසීරු දේ ලබා දිය හැකිද යන්න පිළිබඳ වූ විශ්වාසය අපට අහිමි වී ගොස් තිබෙනවා.” වසංගතය හමුවේ සියලු දේ වෙනස් වී ඇති බව බයිඩ්න් පවසා ඇත.

ඒ අනුව ඇමෙරිකාව පිළිබඳව ඇමෙරිකානු නායකයාගේ යාඥාව වී ඇත්තේ, “එක් ජනතාවක්, එක් ජාතියක්, එක් ඇමරිකාවක් ලෙස යළි එකට එකතු වෙමු” කියාය.

එමෙන්ම එළඹෙන ජූලි 04 වනදාට යෙදී ඇති ඇමරිකානු නිදහස් දිනයට පෙර රට තුළ සාමාන්‍ය තත්ත්වයක් ඇති කිරීමට හැකිවනු ඇතැයි ජනපති ජෝ බයිඩ්න් විශ්වාසය පළ කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ මැයි 01 වනදාට පෙර ඇමරිකාව පුරා සියලුම වැඩිහිටි පුද්ගලයන්ට කොරෝනා එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

සිය පාලනයේ 100 වන දිනය වනවිට මිලියන 100 කට එන්නත් ලබාදීම තම පළමු ඉලක්කය වූ බව පැවසූ ජනපති බයිඩ්න්, එම ඉලක්කය දින 60 ක් තුළ ළඟාකරගත හැකි බවත් කියා සිටියේය.

Related posts

ගවයන් අතර ලම්පි වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්

Mohamed Dilsad

ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්

Mohamed Dilsad

ඉරාක අගමැතිව ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment