ගොසිප්

නියත වශයෙන්ම මීළඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂයි

(UTV | කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොකරන්නේ නම් ඊළඟ හොදම ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසයි. ‍   

ඔහු සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතාට සියලු ජන කණ්ඩායම් ඒකාරාශී කර ගනිමින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම් හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපතිධුරයේ සිටින්නැයි මෙරට ජනතාව එදා සේම ඉල්ලා සිටිනු ඇතැයි ද පැවසූ ඔහු විවිධ ප්‍රකාශ කර පොහොට්ටුව විනාශ කරන්න හදන අයගේ සිහින සැබෑ නොවන බවද සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ඉදිරිපත් නොවන්නේ නම් සියලු පක්ෂ එක් කරගෙන රටේ ජනතාවට සේවය කළ හැකි බුද්ධිමත් නායකයෙක් සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා පමණක් යැයිද ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට එනවාට අකමැති අය මඩ ගසන බවත් එනමුත් ඔහුට හෝ පොහොට්ටුව වැට්වවීමට කිසිඳු පුළුවන්කමක් නැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

 

Related posts

කොළඹින් පිටත් කොරෝන අවධානම ඉහළට

Mohamed Dilsad

දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද මට අත්දැකීම් අඩුයි – ජනපති පිළිගනී

Mohamed Dilsad

මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මම පමණයි

Mohamed Dilsad

Leave a Comment