ව්‍යාපාරික

’ඇල්ටෙයාර්’ අද විවෘත කෙරේ

(UTV | කොළඹ) – මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර අද විවෘත කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

මෙය ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියකි.

නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ හි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

 

Related posts

සම්භාණ්ඩ කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක්- කෝටි 1,848 ක ආදායමක්

Mohamed Dilsad

වාර්තාගත ලෙස රන් මිල ඉහළට

Mohamed Dilsad

හාල්පිටිවලින් නිශ්පාදිත ආහාරවලට වැඩි ඉඩක්

Mohamed Dilsad

Leave a Comment