විදෙස්

නෙදර්ලන්තය ඇස්ට්‍රා -සෙනෙකා එන්නත භාවිතය අත්හිටුවයි

(UTV | නෙදර්ලන්තය) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා -සෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට නෙදර්ලන්තය ද තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   

අතුරු ආබාධ ඇතිවීමේ අවධානම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව අදාළ වාර්තාවල දැක්වේ.

ලබන 29 වනදා තෙක් මෙම නියෝගය බලපැවැත්වෙන බව නෙදර්ලන්ත රජය නිවේදනය කර තිබේ.

මේ වනවිට යුරෝපයේ රටවල් රැසක් විසින් ඇස්ට්‍රා -සෙනෙකා එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි ඇතිවීම ඇතුලු විවිධ කරුණු සැළකිල්ලට ගෙනයි.

කෙසේවෙතත් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත නිෂ්පාදන සමාගම අවධාරණය කරන්නේ එන්නතට අදාළව වාර්තාවී ඇති සුලු සිදුවීම් කිහිපය සහ එන්නතේ අතුරු ආබාධ අතර කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

ඩෙන්මාර්කය , නෝර්වේ , බල්ගේරියාව යන යුරෝපා රටවලට අමතරව තායිලන්තයත් මේ වනවිට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතයට ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

 

 

 

 

Related posts

කැලිෆෝනියා ලැව් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 91 දෙනෙකු මරුට

Mohamed Dilsad

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

Leave a Comment