ක්‍රීඩා

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට

(UTV | කොළඹ) – තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව්වෙන් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා Road Safety World Series තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මූලික වටයේ තමන්ට හිමි තරග අවසන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.  

ඒ, එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව Road Safety World Series තරගාවලිය යටතේ මෙම වසරේ දී ක්‍රීඩා කළ සියලු තරග ජය ගැනීමට සමත් විය.

ඔවුන් Road Safety World Series තරගාවලිය යටතේ ක්‍රීඩා කළ සම්පූර්ණ තරග සංඛ්‍යාව 6ක් වන අතර, ඉන් තරග 5ක් ශ්‍රී ලංකාව ජයගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකාව, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම සමගින් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතයි.

 

 

Related posts

ජාතික ක්‍රීඩා සභාවට පත්වූ නිළධාරීන්

Mohamed Dilsad

2021 LPL ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Mohamed Dilsad

කණ්ඩායම පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment