ව්‍යාපාරික

අපනයන කෘෂි භෝගවල මිල ගණන් යළි ඉහළට

(UTV | කොළඹ) – අපනයන කෘෂි භෝග වන ගම්මිරිස්, කරාබුනැටි සහ කුරුඳු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ.  

ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 650 දක්වාත්, කරාබුනැටි කිලෝග්‍රෑමයක් රුපියල් 1000 දක්වා සහ කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 3200 දක්වාත් ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද ප්‍රකාශ කළේය.

මීට අමතරව කෝපි කිලෝග්‍රෑමයක මිල ද රුපියල් දහස දක්වා යළිත් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළ ඒවායේ මිල ගණන් යම්තාක් දුරට පහළ බැස තිබුණේ වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් වෙළදපොළට නිකුත් කිරීම හේතුවෙන්.

මේ අතර , අවසරයකින් තොරව පොල් ගස් කැපීම නතර කිරීම සඳහා ඉදිරියේදී නව නීති හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට පොල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් රට තුළ ද පොල් මිල ඉහළ ගොස් ඇති බවය.

Related posts

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

ලග්ගල එනසාල් සඳහා හොද මිලක්

Mohamed Dilsad

වී කිලෝව රු. 130 මිලදී ගන්නා බව පවසා, සහල් මිල වැඩිකිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

Editor O

Leave a Comment