දේශීය

කෝටි 2 ක හෙරොයින් සමග සැකකරුවෙක් රාජගිරියේදී STF අත්අඩංගුවට

(UTV | කොළඹ) – රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

වසය අවුරුදු 40 ක් පමණ වයසැති පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

දැනට ඉන්දියාවට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මෙම හෙරොයින් තොගය අයත් බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණ වී තිබේ.

බන්ධනාගාරගතව සිටින බත්තරමුල්ලේ සමිත නැමති තැනැත්තා විසින් මෙරට දී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඔහුගේ ගෝලයෙකු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

Related posts

දිනෙක ශ්‍රී ලංකාව තුළ භාවිත කල වැඩිම කොවිඩ් මාත්‍රා සංඛ්‍යාව ඊයේ

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 22 වනදා සිට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 216ක්

Mohamed Dilsad

Leave a Comment